Operating System
Touch-System
මගින්.......
...........................................................................................................

...........................................................................................................
- මෙහෙයුම් පද්ධති පිළිබද දල අදහසක්
මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයක්ම පාහේ සොයා ගත හැක.
බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.
ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.
බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.- නිහිත පද්ධති
නිහිත පද්ධති විසින් ඒ සඳහාම කැපවු විවිධ මෙහෙයුම් පද්ධති රැසක් භාවිතා කරයි. සමහර අවස්ථාවලදී විශේෂ කාර්යය ක්‍රමලේඛයක් නිපදවීමට "මෙහෙයුම් පද්ධති මෘදුකාංග” සෘජුවම යෙදුම් හා සම්බන්ධ කර ඇත. ඇති සරලම නිහිත පද්ධතිවල, මෙහෙයුම් පද්ධතිය හා යෙදුම අතර වෙනසක් දැකිය නොහැකි වේ. එක්තරා කාල අවශ්‍යතාවයක් ඇති නිහිත පද්ධති තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති (real-time operating system) ලෙස හඳුන්වයි.
නිශ්චිත කාලයක් නියම කර ඇති නිහිත පද්ධති වන VxWorks, eCos, QNX මෙන්ම RTLinux වැනි තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති ඇත.
Palm 05, windows CE, BSD සහ Linux වැනි මෙහෙයුම් පද්ධති තථ්‍ය කාල පරිගණනයට ආධාර නොකලත් සමහර නිහිත පද්ධති ඒවා භාවිතා කරයි.
Windows CE හි මේස පරිගණකයෙහි Windows වලට සමාන යෙදුම් ක්‍රමලේඛ සහිත අතුරු මුහුණතක් (API) පවතී. එසේ වුවත් මේස පරිගණකයෙහි Windows හි ඇති කේත පදනම (Code base) හා Windows CE හි සමානකම් නැත.
කෙසේ වෙතත් මෑත කාලයේදී Linux විසින් නිහිත මෙහෙයුම් පද්ධති අතර ප්‍රමුඛස්ථානය ලබා ගෙන ඇත්තේ පහත කරුණු හේතුකර ගෙනය. කුලී ගෙවිය යුතු නැතිවීම, පුළුල් හැකියාව, උසස් කාර්ය සාධනය හා අඩුවෙන් මතකය වැය වීම යන කරුණු පදනම් කරගෙනය.

0 comments: